Monday, January 26, 2026
Homeසියලුම පුවත්බ්‍රිතාන්‍ය ලංකාව ගැන තවත් වාර්තාවක් ජිනීවාවලට අරන් එයිඋතුරට දීලා තියෙන නිදහස ගැන...

බ්‍රිතාන්‍ය ලංකාව ගැන තවත් වාර්තාවක් ජිනීවාවලට අරන් එයිඋතුරට දීලා තියෙන නිදහස ගැන සතුටු වෙයිත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන මතක් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 58 වන සැසිවාරයට සමගාමීව අදාළ වාර්තාව ඊයේ (03) දිනයේ ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

එක්සත් රාජධානියට අමතරව කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව යන රටවල් ඒකාබද්ධව අදාළ වාචික වාර්තාව ඉදිරිපත් කර ඇති බව සඳහන්ය.

පසුගිය වසරේ පැවති සාමකාමී මැතිවරණ සම්බන්ධයෙන් සහ වත්මන් රජයේ ක්‍රියා කලාපය මෙම වාර්තාව මඟින් ඇගයීමට ලක්කර තිබේ.

ඉඩම් ආපසු ලබාදීම,‍ සංහිඳියාව ඇතිකිරීම, මාර්ග බාධක ඉවත් කිරීම සහ උතුරු නැගෙනහිර ප්‍රජාවට අතීතය සිහිපත් කරමින් සැමරුම් උත්සව පැවැත්වීමට ඉඩ ලබාදීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද එහිදි සිය ප්‍රශංසාව ඇති කර ඇති බව වාර්තා වේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට රජය ගෙනයන ක්‍රියාමර්ගවලට සහාය ලබාදෙන අතර එම නීතී ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූලව සිදුවිය යුතු බව ද අවධාරණය කර තිබේ.

මේ අතර ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට රජයේ පාර්ශවයෙන් ද වාචික වාර්තාවක් ඊයේ දිනයේ ඉදිරිපත් කරනු ලැබීය.

වත්මන් රජය ශ්‍රී ලංකාවේ නව දේශපාලන සංස්කෘතියක් සහ ආර්ථික සමාජයීය සංවර්ධනයක් සඳහා ගෙනයනු ලබන ක්‍රියාමාර්ග පිළිබදව දීර්ඝ වශයෙන් එම වාර්තාව මඟින් දැනුවත් කර තිබේ.

සියලු පුවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීමට රජය කැපවී සිටින බව එම වාර්තාව මඟින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments