Friday, November 14, 2025
Homeදේශීයබොරතෙල් නෑ - සපුගස්කන්ද යලි නවතී

බොරතෙල් නෑ – සපුගස්කන්ද යලි නවතී

එළැඹෙන 28 වැනි දා පමණ වනවිට සපුගස්කන්ද බොර තෙල් පිරිපහදුව නැවත වතාවක් වසා දැමීමට සිදුවනු ඇති බව තෙල් සංස්ථාවේ ආරංචි මාර්ග පැවසීය.

පිරිපහදුව ක්‍රියාත්මක කරවීමට තරම් අවශ්‍ය බොර තෙල් නොමැති වීම මීට හේතුව වී ඇත.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේරක මහතා පවසන්නේ මෙම මස අවසානයේදී හා ජූලි මස මුලදී බොරතෙල් නෞකා මෙරටට ළඟාවීමට නියමිතව ඇති බවයි.

පිරිපහදුව දිගටම වසා තැබීමට බලාපොරොත්තුවක් නොවන නමුත් ඇතැම් විට දින දෙක තුනක පමණ තාවකාලික විරාමයකට යාමට සිදුවනු ඇතැයිද ඔහු කියා සිටියේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments