ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල යළිත් වරක් ඉහළ ගොස් තිබේ.
ඒ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව ආර්ථික යුද්ධයක් ආරම්භ කරන බවට අනතුරු ඇඟවීමත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉරානය සමඟ සිදුකරන වාණිජ කටයුතු අත්හිටුවීමට පියවර ගැනීමත් සමඟය.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 94ක් දක්වාත්, WTI වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 87ක් දක්වාත් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

