Sunday, November 16, 2025
Homeසියලුම පුවත්භානුක - ඇන්ජලෝ ජාත්‍යන්තර පිටියෙන් සමු ගනී

භානුක – ඇන්ජලෝ ජාත්‍යන්තර පිටියෙන් සමු ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා. මේ වනවිට ඔහු සිය තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිඛිතව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

එක්දින තරග 05 කට හා 20/20 තරග 18 කට සහභාගි වූ භානුක මෑතභාගය තුළ එක්දින හා 20/20 තරගවලදී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් කිහිප දෙනාගෙන් එක් අයෙකි. මේ නිසා භානුකගේ හදිසි සමු ගැනීම ක්‍රීඩාලෝලීන් පුදුමයට පත් කරන තීරණයක් වනු ඇත.

මේ අතර එක්දින හා 20/20 තරග වෙනුවෙන් ජාතික කණ්ඩායම නියෝජනය කළ ඇන්ජලෝ පෙරේරාද ජාත්‍යන්තර පිටියෙන් සමු ගන්නා බව දැනුම් දී තිබෙනවා.

නිමා වූ ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේදී භානුක ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට නායකත්වය ලබාදුන් අතර කැන්ඩි කණ්ඩායමේ නායකයා ලෙස ඇන්ජලෝ පෙරේරා කටයුතු කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments