මඩකලපුව, වාලච්චේන ප්රදේශයේ කෝවිලක පැවති වාර්ෂික ආගමික උත්සවයක් අතරතුර මල්වෙඩිල්ලක් පිපිරීමෙන් 13 හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගොස් ඇත්තේ කිරාන්, කුලාක්කාඩු ප්රදේශයේ පදිංචිව සිටි දරුවෙකු බව වාර්තා වේ.
ඊයේ (11) රාත්රී 11.00ට පමණ කෝවිලේ රාත්රී උත්සවය පැවැත්වෙමින් තිබියදී මල්වෙඩිල්ලක් දල්වා ඇති අතර, එය පිපිරී නොයෑම හේතුවෙන් එම ස්ථානයෙන් ඉවත් කර තිබේ.
කෙසේවෙතත්, මියගිය දරුවා එම මල්වෙඩිල්ල බැලීමට ගිය අවස්ථාවේදී එය හදිසියේ පිපිරී ඇති බව සඳහන් වේ.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ දරුවා වහාම වාලච්චේන රෝහලට ඇතුළත් කර ඇති අතර, ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වාලච්චේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

