Sunday, November 16, 2025
Homeදේශපාලනමත්ද්‍රව්‍ය පාර්සල්වල ස්ටිකර් මුද්‍රණ සිද්ධියට NPP සම්බන්ධ තවත් හෙළිකිරීමක්

මත්ද්‍රව්‍ය පාර්සල්වල ස්ටිකර් මුද්‍රණ සිද්ධියට NPP සම්බන්ධ තවත් හෙළිකිරීමක්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තම පාර්සල් හඳුනාගැනීමට භාවිතා කළ විශේෂ ස්ටිකර් සලකුණු මුද්‍රණය සිදුකරන ගල්කිස්සේ පිහිටි ස්ථානය සම්බන්ධයෙන් නව හෙළිදරව්වක් ඉස්මතු වී ඇත.

පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය පසුගිය සිකුරාදා (14) එම ස්ථානය වටලා හිමිකරු අත්අඩංගුවට ගත් අතර, හෙළිවී ඇත්තේ එම පුද්ගලයා ජාතික ජන බලවේගය (NPP) සමඟ සම්බන්ධ දේශපාලන ක්‍රියාකාරිකයෙකු බවයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා අද(16) පැවසුවේ,
මෙම සැකකරු මීට පෙරත් කූට ලේඛන සකස් කිරීම සඳහා සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගත් අයෙකු බවත්, එමෙන්ම ඔහු දෙහිවල–ගල්කිස්ස NPP සංවිධායක ධුරයද දරා තිබූවා බවයි.

දොලවත්ත මහතා වැඩිදුරටත් පැවසුවේ:

“දෙහිවල ගල්කිස්ස සංවිධායකයි කියලා හිටපු කෙනා අල්ලලා. මේකෙන් පේන්නේ NPP මාලිමාව සමග ඔහුගේ සබඳතාව තවදුරත් තීව්‍රයි.
ඔවුන් මෙයට කිසියම් ප්‍රතිචාරයක් දුන්නේ නැහැ. නාමල් රාජපක්ෂට ඇඟිල්ල දිගුකළා, ඒත් දැන් ඒ ඇඟිල්ල ඔවුන්ගේම ඇගට කඩන් වැටිලා.” යැයිද ඔහු සඳහන් කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවතින අතර, පොලීසිය මත්ද්‍රව්‍ය ජාවාරමට පාර්සරව සලකුණු සකස් කිරීමේ ජාලය පිළිබඳව තවදුරටත් සොයා බලමින් සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments