Homeසියලුම පුවත්මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන තොගයක් සමඟ යාත්‍රාවක් නාවික හමුදා භාරයට - 7ක්...

මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන තොගයක් සමඟ යාත්‍රාවක් නාවික හමුදා භාරයට – 7ක් අත්අඩංගුවට

දෙවුන්දරට දකුණු දෙසින් පිහිටි ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ යාත්‍රාවක් සමඟ සැකකරුවන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.දේශීය හා විදේශීය බුද්ධි අංශ සහ සමුද්‍රීය හවුල්කරුවන් සමඟ එක්ව ශ්‍රී ලංකාවේ අනන්‍ය ආර්ථික කලාපයෙන් ඔබ්බට සිදුකළ මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස මෙම වැටලීම සිදුකර ඇත.නාවික හමුදා භාරයට ගත් ධජ රහිත යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි විමර්ශන හා නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට මේ වන විට ගොඩබිමට රැගෙන එමින් පවතින බව සඳහන් වේ.මෙම මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහා කලාපීය හා ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සිදුකළ සම්බන්ධීකරණය සහ කොළඹ තොරතුරු විලයන මධ්‍යස්ථානය හරහා ලබාගත් බුද්ධි තොරතුරු දායක වී තිබේ. චන්ද්‍රිකා තාක්ෂණය ඇතුළු නවීන තාක්ෂණික දත්ත සහ ගුවන් හමුදාව සමඟ සිදුකරන ඒකාබද්ධ නිරීක්ෂණ කටයුතු ද මෙහිදී භාවිත කර ඇත.මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම සඳහා 2025 ඔක්තෝබර් මාසයේදී රජය ආරම්භ කළ ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ දිගුවක් ලෙස මෙම වැටලීම සිදුකර තිබේ.එම මෙහෙයුම ආරම්භ කළ දා සිට මේ දක්වා නාවික හමුදාව රුපියල් බිලියන 116කට අධික දළ වීදි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සිය භාරයට ගෙන ඇති බව වාර්තා වේ.2026 ජනවාරි මාසයේ සිට මේ දක්වා සිදුකළ මෙහෙයුම්වලදී විදේශීය යාත්‍රා හතරක් ඇතුළුව යාත්‍රා 66ක් සහ විදේශීය පුද්ගලයන් 18ක් ඇතුළුව සැකකරුවන් 379 දෙනෙකු නීතිය හමුවට පමුණුවා තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments