කොළඹ සහ ගාල්ල ප්රදේශවල සිදු වූ වෙනම මනුෂ්ය ඝාතන දෙකකට අදාළව සැකකරුවෙකු සහ සැකකාරියක අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.
ඩුබායි සිට මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුගෙන් සිදු කළ ප්රශ්න කිරීම්වලදී ලැබුණු තොරතුරු මත, බොරැල්ල ප්රදේශයේ ද්විත්ව ඝාතනයකට සම්බන්ධ සැකකාරියක ඊයේ (25) රාත්රියේ අත්අඩංගුවට ගෙන ඇත.
එම විමර්ශන අතරතුර අපරාධයට යොදාගත් බව කියන යතුරුපැදියක්, රිවෝල්වර් ගිනි අවි දෙකක් සහ ජීව උණ්ඩ කිහිපයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
මේ අතර, ගාල්ල දංගෙදර ප්රදේශයේ පසුගියදා සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබාදුන් බවට සැක කෙරෙන 31 හැවිරිදි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.
කොළඹ දිසා අපරාධ කොට්ඨාසය සහ ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සිද්ධීන් දෙක සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
මනුෂ්ය ඝාතන දෙකකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

