ලොවපුරා ජනප්‍රියත්වයට පත් වූ Merlin කතා මාලාවේ ඌතර් පෙන්ඩ්‍රැගන් රජුගේ චරිතයට පණ පෙවූ Anthony Head අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට 72 වැනි වියේ පසුවූ ඔහු, දියණියන් දෙදෙනෙකුගේ පියෙකුද වෙයි.
Anthony Head, Buffy the Vampire Slayer, Ted Lasso සහ Little Britain ඇතුළු ජනප්‍රිය නිර්මාණ රැසක රංගනයෙන් ප්‍රේක්ෂක ආදරය දිනාගත් නළුවෙකි.
විශේෂයෙන්ම Buffy the Vampire Slayer කතා මාලාවේ රූපට් ජයිල්ස්ගේ චරිතය නිරූපණය කරමින් ජාත්‍යන්තර කීර්තියක් හිමිකර ගැනීමට ඔහු සමත් විය.
පවුලේ ආරංචි මාර්ග අනුව, කලක සිට රෝගී තත්ත්වයෙන් පසුවූ ඔහු නියුමෝනියාවෙන් ඇති වූ සංකූලතා හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වෙයි.
මර්ලින්’ කතා මාලාවේ ප්‍රවීණ නළු ඇන්තනී හෙඩ් අභාවප්‍රාප්ත වෙයි

