Saturday, January 31, 2026
Homeදේශීයමවකට අත්වූ අවාසනාවන්ත ඉරණම - පුතා, දුව සහ ලේලිය අත්අඩංගුවට

මවකට අත්වූ අවාසනාවන්ත ඉරණම – පුතා, දුව සහ ලේලිය අත්අඩංගුවට

දඹගල්ල පොලිස් වසමේ කොලොන්කඳපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් පුළුස්සා ඝාතනය කර ඇති බවට දඹගල්ල පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 55ක් වූ කොලොන්කඳපිටිය, දඹගල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මියගිය කාන්තාවට උදැල්ලකින් පහරදී පුළුස්සා ඝාතනය කර ඇති බවට සිදුකරනලද විමර්ශන අනුව අනාවරණය වී ඇති බව පොලීසිය පැවසීය.

කෙසේවෙතත් ඝාතනය සම්බන්ධයෙන් 35 හැවිරිදි මියගිය කාන්තාවගේ පුත්‍රයා, අවුරුදු 30ක් වන දියණිය සහ අවුරුදු 34ක් වූ මියගිය කාන්තාවගේ ලේලිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත

RELATED ARTICLES

Most Popular

Recent Comments