අඟුරුවාතොට, පෙතිගමුව කන්ද ප්‍රදේශයේදී අද (19) අලුයම සිදුවූ තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් 37 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
හල්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මියගිය පුද්ගලයා නිතර බීමත්ව නිවසේ ආරවුල් ඇතිකර ගන්නා අයෙකු බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඊයේ (18) රාත්‍රියේද ඔහු සිය මවට පහරදෙමින් සිට ඇති අතර, එහිදී මව බේරාගැනීමට මැදිහත් වූ 35 හැවිරිදි බාල සොහොයුරා මන්නයකින් පහරදී ඇති බව පොලීසිය පවසයි.
එම පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා මියගොස් ඇති අතර, ඔහුගේ පහරදීමට ලක්වූ මවද තුවාල ලබා හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබේ.
මීට පෙරද මියගිය පුද්ගලයා සිය පියාට පහරදී තුවාල සිදුකර ඇති අතර, පියාද හොරණ රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන තිබූ බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් 35 හැවිරිදි සැකකාර සොහොයුරා අත්අඩංගුවට ගෙන ඇති අතර, අඟුරුවාතොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මව බේරාගැනීමට ගිය මල්ලීගේ පහරදීමෙන් අයියා මරුට

