Homeසියලුම පුවත්මහල් නිවාසයකින් ඇදවැටී 12 හැවිරිදි දරුවෙකු මරුට

මහල් නිවාසයකින් ඇදවැටී 12 හැවිරිදි දරුවෙකු මරුට

කොළඹ 09 ප්‍රදේශයේ මහල් නිවාසයකින් ඇදවැටීමෙන් 12 හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගොස් ඇත්තේ කොළඹ 09 ප්‍රදේශයේ පදිංචිව සිටි 12 හැවිරිදි දරුවෙකි.

මහල් 14කින් සමන්විත එම මහල් නිවාසයේ ඉහළ මහලේ පිහිටි නාන තටාකය ආසන්නයේ තවත් ළමුන් කිහිපදෙනෙකු සමඟ සිට අවට නරඹමින් සිටියදී දරුවා මෙලෙස පහළට ඇදවැටී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments