Monday, December 15, 2025
Homeසියලුම පුවත්මහා පෙරළියක නිමිති පල කල සජිත්ගේ උත්සවය.

මහා පෙරළියක නිමිති පල කල සජිත්ගේ උත්සවය.

මහා පෙරළියක නිමිති පල කල සජිත්ගේ උත්සවය.

ඊයේ දින(11) විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමන් හට ගෞරව නාමයක් පුද කර සිටින ලදී. එ රාමඤ්ඤ නිකාය විසිනි.

එය ආගමික උත්සවයක් වූවද එම උත්සවය ලග ලගම සිදුවීමට නියමිත බල පෙරලියක් පිළිබදව ඉඟි කරන්නක් ද විය. එය මීළග ලාංකීය දේශපාලනය බල පෙරලියේ හැඩ තල වල ස්වභාවය කියා පාන්නක් ද විය.

හේතුව ඊට සහභාගී වු දේශපාලන අමුත්තන්‍ ය. නැතහොත් ආරාධිතයන් ය.

ඊට සහභාගී වු තීරණාත්මක චරිත වූයේ,

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන.

සාධාරණ සමාජයක් සදහා වු ජාතික ව්‍යාපාරයේ සභාපති කරූ ජයසූරිය.

පොහොට්ටුවේ මන්ත්‍රී විජේදාස රාජපක්ෂ.

පොහොට්ටුවේ මන්ත්‍රී චන්දිම වීරක්කොඩි යනාදීන්‍ ය.

මෙහිදි කැපි පෙනෙන තවත් විශේෂිත වූ කාරණාවක් වූයේ රාමඤ්ඤ නිකාය නියෝජනය කරමින් ඕමල්පේ සෝභිත හිමියන් විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අරභයා කල ගුණ වර්ණනාවය.

මෙම උත්සව සදහා ඉතා විශාල රාජතාන්ත්‍රිකයන් පිරිසක් ද එක්ව සිටි අතර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් මෙන්ම චීනයේ ශ්‍රී ලංකා තානාපති ද එම පිරිස අතර වීම වත්මන් පාලන තන්ත්‍රයේ ඉහමොළ රත් කිරීමට හේතුවක් වූ බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කර සිටියි.

RELATED ARTICLES

Most Popular

Recent Comments