Wednesday, November 19, 2025
Homeසියලුම පුවත්මහා වාහන වංචාව ඇල්ලූ වලාන පොලිස් ලොක්කා මාරු කරයි

මහා වාහන වංචාව ඇල්ලූ වලාන පොලිස් ලොක්කා මාරු කරයි

වසර ගණනාවක් තිස්සේ සිදු කරන ලද මහා පරිමාණ වාහන වංචා රැසක තොරතුරු අනාවරණය කරගැනීමට ප්‍රධානත්වය ගෙන කටයුතු කරන ලද පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරීවරයා ස්ථාන මාරු කර තිබේ.

සේවා අවශ්‍යතා මත බව පවසමින් මෙම සහකාර පොලිස් අධිකාරිවරයා ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය වෙත මාරුකර යවා ඇත.

පසුගිය මාස කිහිපය තුල වාර්තාගත වාහන ප්‍රමාණයකට ව්‍යාජ ලිපි ලේඛන සකසා සිදුකරගෙන ගොස් තිබූ මහා පරිමාණ වාහන ජාවාරම අනාවරණය කර ගැනීමට හැකි වූයේ මෙම පොලිස් අධිකාරිවරයා ගේ ප්‍රධානත්වයෙන් සිදු කළ මෙහෙයුම්වලදීය.

ඇත්දළ ජාවාරම්, ගජමුතු ජාවාරම් ඇතුළු නොයෙක් ආකාරයේ ජාවාරම් නීතියට පසුගිය කාලයේ දී හසුකර ගැනීමට ඔහුගේ මෙහෙයුම් සමත් විය

RELATED ARTICLES

Most Popular

Recent Comments