මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය මහේන්ද්‍ර පෙරේරා දිනාගෙන තිබේ.
ඔහු මෙම සම්මානය හිමිකරගෙන ඇත්තේ ‘රිවර්ස්ටන්’ චිත්‍රපටයේ විශිෂ්ට රංගනය වෙනුවෙනි.
මෙය මහේන්ද්‍ර පෙරේරා ජාත්‍යන්තර මට්ටමින් හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූ දෙවන අවස්ථාවයි. මීට පෙරද සිංගප්පූරු අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම රංගනය සඳහා සම්මානයක් දිනාගෙන තිබේ.
එමෙන්ම ‘රිවර්ස්ටන්’ චිත්‍රපටය වෙනුවෙන් ප්‍රියන්ත සිරිකුමාර හොඳම සහාය නළුවාට හිමි සම්මානයද දිනාගෙන ඇත.

