අමෙරිකාව සහ ඉරානය අතර යළිත් ගැටුම් උත්සන්න වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 85.50ක් පමණ දක්වාත්, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 90.60ක් පමණ දක්වාත් ඉහළ ගොස් ඇත.
ඉරානයේ ලාරක් දූපතේ ඉලක්ක වෙත අමෙරිකානු හමුදා ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව ඉරානය විසින් ජෝර්දානයේ පිහිටි අමෙරිකානු කඳවුරු වෙත ප්‍රහාර එල්ල කිරීමත් සමඟ කලාපයේ ආතතිය තවදුරටත් ඉහළ ගොස් තිබේ.
මැදපෙරදිග ගැටුම් තවදුරටත් උත්සන්න වුවහොත් හෝ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ප්‍රවාහනයට බාධා ඇති වුවහොත් ගෝලීය තෙල් සැපයුම පිළිබඳ අවදානම් ඉහළ යා හැකි බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මැදපෙරදිග ගැටුම් යළි උත්සන්න වෙද්දී බොරතෙල් මිලත් ඉහළට

