තායිලන්ත දේශසීමාවට ආසන්න මියන්මාර ප්‍රදේශවල ක්‍රියාත්මක වන සයිබර් මූල්‍ය වංචා මධ්‍යස්ථානවල තවමත් විදේශිකයන් 5,300කට වැඩි පිරිසක් සිරවී සිටින බව මානව හිමිකම් සංවිධානයක් අනාවරණය කර තිබේ.
වසරකට පෙර රටවල් කිහිපයක ඒකාබද්ධ මෙහෙයුම්වලින් දහස් සංඛ්‍යාත පිරිසක් මුදාගෙන තිබුණද, එම වංචා ජාල තවදුරටත් ක්‍රියාත්මක වන බව එම සංවිධානය පෙන්වා දෙයි.
මිනිස් ජාවාරම්වලට ගොදුරු වූ පුද්ගලයන් මෙම මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් බලහත්කාරයෙන් මාර්ගගත මූල්‍ය වංචා සඳහා යොදවන බවද වාර්තා වෙයි.
චීනය, තායිලන්තය, පිලිපීනය, මැලේසියාව, බ්‍රසීලය, රුසියාව, කෙන්යාව, උගන්ඩාව, රුවන්ඩාව සහ සිම්බාබ්වේ ඇතුළු රටවල් රැසක පුරවැසියන් මෙම කඳවුරුවල රඳවා සිටින බව සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් වහාම මැදිහත්වී පියවර ගන්නා ලෙස සිවිල් සමාජ සංවිධාන තායිලන්ත බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති අතර, චෝදනාවලට අදාළව මියන්මාරයේ පාර්ශ්වයන් මෙතෙක් නිල ප්‍රතිචාරයක් ලබාදී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි
මියන්මාරයේ සයිබර් වංචා කඳවුරුවල විදේශිකයන් 5,300කට වැඩි පිරිසක් තවමත් සිරවෙලා

