Sunday, November 16, 2025
Homeදේශපාලනමුලතිව් විනිසුරු සියලු ධූරවලින් ඉල්ලා අස්වෙයි..

මුලතිව් විනිසුරු සියලු ධූරවලින් ඉල්ලා අස්වෙයි..

▪️මුලතිව් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ටී.සරවනරාජා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත යොමුකර තිබේ.
▪️තමන්ගේ ජිවිතයට මරණීය තර්ජන එල්ල වීමත් වෘත්තීය ජිවිතයට අධික පීඩනයක් එල්ල වීමත් හේතුවෙන් තමන් දරණ සියලුම විනිසුරු පදවි වලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ටී.සරවනරාජා මහතා ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර ඇත.
▪️කුරුන්දි විහාරයට අදාල ආන්දෝලනාත්මක නඩුව විනිසුරු ටී.සරවනරාජා මහතා ඉදිරියේ විභාග වුණ අතර කොක්කුතුඩුවායි ප්‍රදේශයෙන් මිනිස් අස්ථි කොටස් සොයා ගැනීමේ සිද්ධියට අදාළ මූලික පරීක්ෂණද විනිසුරු ටී.සරවනරාජා මහතා ඉදිරියේදී සිදු කෙරිණ.
▪️මේ අතර, 2023 ජුලි 07 වන දින මුලතිව් කුරුන්දි පුරාවිද්‍යා භුමියේ අනවසර ඉදිකිරීමේ සම්බන්ධයෙන් මුලතිව් දිසා විනිසුරු ටී.සරවනරාජා සිදුකළ ක්ෂේත්‍ර පරීක්ෂණයට බාධා කිරීමට සරත් වීරසේකර මන්ත්‍රීවරයා දැරූ උත්සාහය දැක්වෙන වීඩියෝවක් ද සමාජ මාධ්‍ය ඔස්සේ මේවන විට හුවමාරු ‌ වෙමින් පවතී.
▪️එහිදී විනිසුරුවරයා පෙන්වාදෙන්නේ දේශපාලකයන්ට එම කටයුත්තට මැදිහත්වීමට අවකාශයක් නොමැති බවයි

RELATED ARTICLES

Most Popular

Recent Comments