Tuesday, October 15, 2024
Homeදේශපාලනමේ විදිහට ආගමික නායකයන් භේදභින්න කිරීම මහා පාපකර්මයක්! සජිත් ‌පාර්ලිමේන්තුවේදී කියයි

මේ විදිහට ආගමික නායකයන් භේදභින්න කිරීම මහා පාපකර්මයක්! සජිත් ‌පාර්ලිමේන්තුවේදී කියයි

ජනාධිපතිතුමා ජර්මන් මාධ්‍යයට කාදිනල් හිමියන් හා රදගුරු සංගමය අතර එක මතයක් නැති බවට කරපු ප්‍රකාශය රදගුරු සංගමය ප්‍රතික්ෂේප කරලා! මේ විදිහට ආගමික නායකයන් භේදභින්න කිරීම මහා පාපකර්මයක්! සජිත් ‌පාර්ලිමේන්තුවේදී කියයි!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඩී.ඩබ්ලිව් නම් ජර්මන් නාලිකාවට දුන් සම්මුඛ සාකච්ඡාවේ දී කාදිනල් හිමියන් සහ බිෂොප් කොන්ෆරන්ස් එක අතර පරස්පර මත ඇති බවට ඉඟි කර ඇති බවත් මේ සම්බන්ධයෙන් අතිඋතුම් හැරල්ඩ් ඇන්තනී බිෂොප්තුමා විසින් ප්‍රකාශයක් සිදු කරමින් කියා ඇත්තේ එවැනි කිසිදු පරස්පරයක් නොමැති බවත් ඔවුන්ගේ එකම ඉල්ලීම වන්නේ ජනාධිපති කොමිෂන් වාර්තාවේ ඉල්ලීම් ක්‍රියාත්මක කරන ලෙස බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආගමික නායකයන් අතර භේදබින්නකමක් ඇති කිරීම දැඩි පාපයක් බවත් එවැනි දෙයක් සිදු නොකර පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉටු කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (5) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

එම සම්මුඛ සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා ජාත්‍යන්තර පරික්ෂණයක් අවශ්‍ය නැති බව පැවසුවත් ජනාධිපතිවරයා වීමට පෙර එවැනි ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව පැවසූ බවත් ජනාධිපතිවරයා වූ විගස එවැනි වෙනස්වීමක් සිදුවූයේ ඇයි ද ප්‍රශ්න කර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කාදිනල් හිමියන් හා බිෂොප් කොන්ෆරන්ස් එක ඉල්ලන පාස්කු ප්‍රහාරයේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසත් චැනල් ෆෝ නාලිකාවේ වීඩියෝව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටුවක් සකස් කර සිදු කරන විමර්ශන කිසිදු පුද්ගලයකුට විශ්වාස නැති බවත් තවදුරටත් දේශීය යාන්ත්‍රණයක් ගැන විශ්වාසයක් නොමැති බවත් විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගයටත් දැන් දේශීය යාන්ත්‍රණයක් සම්බන්ධයෙන් විශ්වාස නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එබැවින් පාස්කු විවාදයේදී මතුවූ කරුණු සම්බන්ධයෙන් නව පරික්ෂණයක් අවශ්‍ය බවත් ඒ සදහා ජාත්‍යන්තර සබදතාවක් තිබිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී තරයේ පැවසීය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments