නාගරික යාචකයන් පිළිබඳ සංගණනයක් ආරම්භ කර තිබෙනවා. ඒ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ ග්‍රාමීය සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය මඟින්. මෙතෙක් යාචකයන් පිළිබඳ වගකීම පළාත් සභාවේ සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතට පවරා තිබුණා.
අදාළ ආඥා පනත බලාත්මක කිරීමේ බලය මධ්‍යම රජයේ සමාජ සේවා දෙපාර්තමේන්තුවට පැවරීම ඔස්සේ යාචකයන්ගේ ගැටලු විසඳීමට ඍජු මැදිහත් වීමක් සිදු කිරීමට සමාජසේවා දෙපාර්තමේන්තුව මේ හරහා අපේක්ෂා කරනවා. ශ්‍රී ලංකාවේ සෑම නගරයකම යාචක ජනගහනය ඉහළ යෑම මත සෞඛ්‍ය සහ සමාජ ප්‍රශ්න උග්‍ර වීමේ අවදානමක් ඇති බැවින් එය අවම කිරීමේ අරමුණින් මෙම සංගණනය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමටයි සමාජසේවා දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත්තේ. සමාජ සේවා දෙපාර්තමේන්තුව මේ ආකාරයේ යාචක සංගණනයක් සිදු කරනු ලබන්නේ ප්‍රථම වතාවට වීම විශේෂත්වයක්. මෙහිදී සෑම යාචකයකු වෙතම ප්‍රශ්නාවලියක් ලබා දී ඊට ලැබෙන පිළිතුරු ඔස්සේ යාචක වර්ගීකරණයක් සිදු කිරීම ඔස්සේ ඔවුන්ට සහන ලබාදීමේ ක්‍රියාවලිය සැලසුම් කිරීමට තීරණය වී තිබෙනවා.