මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව ගොනුකර ඇති නඩුවක කුමන්ත්‍රණ චෝදනාව පවත්වාගෙන යාම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම අද (07) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේදී ඉල්ලා අස්කරගෙන තිබේ.
කෙසේවෙතත්, අදාළ කරුණ සම්බන්ධයෙන් ඉදිරියේදී යළි අභියාචනයක් ඉදිරිපත් කිරීමට සිදුවුවහොත් එහිදී මෙම කරුණ මතු කිරීමේ අයිතිය රඳවා ගනිමින් පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී ඇත.

