Sunday, November 16, 2025
Homeදේශීයරජයේ රෝහල්වල ඖෂධ නිකුත් කිරීම සුළු සේවකයන් අතින්… රෝගීන් අවදානමේ…

රජයේ රෝහල්වල ඖෂධ නිකුත් කිරීම සුළු සේවකයන් අතින්… රෝගීන් අවදානමේ…

ඖෂධවේදීන්ගේ හිඟය හේතුවෙන් ඇතැම් රෝහල්වල ඖෂධ නිකුත් කිරීමට දැඩි බාධා මතුව ඇතිබව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති තුෂාර රණදේව මහතා පෙන්වා දෙන්නේ මෙම තත්වය පර්යන්ත රෝහල්වල එය දැඩි ගැටලුවක් වී ඇති බවයි.

පවතින ආර්ථික ප්‍රශ්න හමුවේ ඖෂධවේදීන් රැසක් විදෙස් රැකියා සඳහා යොමුවීම මෙම ගැටළුවට හේතු වී ඇතිබව පැවසීය.

ඖෂධවේදීන්ගේ හිඟය හේතුවෙන් රෝහල්වල ඖෂධ නිකුත් කිරීම සුළු සේවකයන් ඇතුළු අනෙකුත් කාර්ය මණ්ඩලය විසින් සිදු කිරීම හේතුවෙන් රෝගී ජනතාව විශාල අවධානයට ලක්වන බවත් හෙතෙම පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුරප්පාඩු පිරවීමට අවශ්‍ය ‍සුදුසුකම් ලත් පිරිස් බොහෝ සිටියදී එම පුරප්පාඩු සඳහා බඳවා නොගැනීම මෙයට ප්‍රධාන හේතුව බවද ඔහු කියා සිටී

RELATED ARTICLES

Most Popular

Recent Comments