සපුගස්කන්දේ දෙනිමල්ල ප්රදේශයේදී අද (11) රාත්රී 7.45ට පමණ හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්රී අශෝක රන්වල පැදවූ ජීප් රථය අනතුරකට ලක්ව ඇත.
මන්ත්රීවරයා පැදවූ ජීප් රථය මාර්ගයේ ගමන් කරමින් තිබූ මරුටි මෝටර් රථයකට ගැටීමෙන් අනතුර සිදුවී ඇත.
අනතුරට ලක්වූ මෝටර් රථයේ සිටි තුවාල ලැබූ කාන්තාවක් කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර, එම කාන්තාවගේ කුඩා දරුවා රිජ්වේ ආර්යා ළමා රෝහලට විශේෂ ප්රතිකාර සඳහා යොමු කර ඇත.
ජීප් රථය ධාවනය කළ මන්ත්රී අශෝක රන්වලත් තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇත.
අනතුරට සම්බන්ධ ජීප් රථය, මරුටි මෝටර් රථය සහ අනෙක් යතුරුපැදියක් ද මේ වන විට පොලිස් භාරයේ ඇත.

