Sunday, January 25, 2026
Homeදේශීයරන් මිල රු.7,000කින් ඉහළට

රන් මිල රු.7,000කින් ඉහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාමත් සමඟ මෙරට රන් මිලද වැඩිවී තිබේ. අද (23) වන විට ලෝක රන් මිල ඩොලර් 4,485 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඊයේට සාපේක්ෂව මෙරට රන් මිල රු.7,000කින් ඉහළ ගොස් ඇති අතර, අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක් රු.325,600ක් ලෙස සටහන් විය.

එමෙන්ම ඊයේ රු.344,000ක් වූ කැරට් 24 රන් පවුමක මිල අද වන විට රු.352,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව රන් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments