එක්සත් ජාතික පක්ෂය (එජාප) කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) පස්වරුවේ පැවැත්වී තිබේ.
පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින්ගේ බහුතර සහභාගීත්වයෙන් පැවති මෙම රැස්වීමේදී වත්මන් දේශපාලන තත්ත්වය, පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග සහ දේශපාලන ප්‍රතිචාර සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් සිදුකර ඇති බව වාර්තා වෙයි.
එහිදී පක්ෂ සංවිධානය ශක්තිමත් කිරීම, ප්‍රතිසංවිධානය කිරීම සහ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් යෝජනා රැසක් ද ඉදිරිපත් කර ඇත.
තවද අනෙකුත් දේශපාලන පක්ෂ, බලවේග සහ සිවිල් සංවිධාන සමඟ ඉදිරියේදී සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීම පිළිබඳවද සාමාජිකයින් දැනුවත් කර තිබේ.
රැස්වීම අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත්තේ, තනිව කටයුතු කිරීම වෙනුවට විවිධ බලවේග එක්කර ගනිමින් ඉදිරි දේශපාලන අභියෝගවලට මුහුණදීමේ අවශ්‍යතාවය බවයි.
මේ අතර, පක්ෂ විනය නීති උල්ලංඝනය කළ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට එරෙහිව ගෙන ඇති විනය ක්‍රියාමාර්ග පිළිබඳව ද පක්ෂ මහලේකම් තලතා අතුකෝරළ මහත්මිය කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත කරුණු ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ
රනිල්ගේ ප්‍රධානත්වයෙන් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙයි

