Homeසියලුම පුවත්රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වූ මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.ඒ අනුව, අදාළ මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී පැයට කිලෝමීටර් 60–70ක පමණ තද සුළං ඇතිවිය හැකි අතර, එමඟින් මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවද දැනුම් දී ඇත.එබැවින්, අදාළ මුහුදු ප්‍රදේශවල කටයුතුවල නිරත වන ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.අද (18) පස්වරු 4.00ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (19) අලුයම 1.00 දක්වා බලපැවැත්වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments