Homeසියලුම පුවත්හෙට ප්‍රදේශ කිහිපයකට දැඩි උණුසුම් කාලගුණයක්

හෙට ප්‍රදේශ කිහිපයකට දැඩි උණුසුම් කාලගුණයක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයක හෙට (19) දිනයේදී දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරයි.අද (18) පස්වරු 4.00ට නිකුත් කළ මෙම අවවාදාත්මක නිවේදනය හෙට දිනය පුරා බලපැවැත්වේ.ඒ අනුව, උතුර, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල මෙන්ම මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමක පැවතිය හැකි බව සඳහන් වේ.මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, දැඩි හිරු එළියට නිරාවරණය වීම අවම කරගන්නා ලෙසත් අදාළ ප්‍රදේශවල ජනතාවට බලධාරීන් උපදෙස් ලබාදී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments