Homeසියලුම පුවත්රාජ්‍ය ආයතනවල දැවැන්ත ඩිජිටල් පරිවර්තනයක් ගැන හාන්ස් විජේසූරිය කියයි

රාජ්‍ය ආයතනවල දැවැන්ත ඩිජිටල් පරිවර්තනයක් ගැන හාන්ස් විජේසූරිය කියයි

2030 වනවිට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික දායකත්වය 3% සිට 12% දක්වා ඉහළ නැංවීම රජයේ ප්‍රධාන ඉලක්කයක් බව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හාන්ස් විජේසූරිය මහතා පවසයි.
කොළඹ ICTA ආයතනයේ පැවති වැඩසටහනකදී ඔහු සඳහන් කළේ, රාජ්‍ය ආයතන පද්ධතිය සම්පූර්ණයෙන් ඩිජිටල්කරණය කර කාර්යක්ෂම සහ ගුණාත්මක රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීම මෙම සැලැස්මේ ප්‍රධාන අරමුණ බවයි.
ඉදිරි වසර තුන තුළ රාජ්‍ය ආයතන අතර ගනුදෙනු බැංකු පද්ධතියක් මෙන් ජාලගත ඩිජිටල් පද්ධතියක් හරහා සිදුකිරීමට හැකි වන බවද ඔහු පැවසීය.
එමෙන්ම, ඉදිරි වසර කිහිපය තුළ රාජ්‍ය ආයතනවල දැවැන්ත තාක්ෂණික පරිවර්තනයක් සිදුවන බවත්, ඒ සඳහා රාජ්‍ය සේවකයින් සහ ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බවත් හාන්ස් විජේසූරිය මහතා අවධාරණය කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments