ආයතනික ආචාරධර්ම සංග්‍රහය සකස් කිරීම පිළිබඳ එක්දින වැඩමුළුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
රාජ්‍ය ආයතනවල දෙවන අදියර යටතේ පිහිටුවා ඇති අභ්‍යන්තර කටයුතු ඒකක 244ක් වෙනුවෙන් මෙම වැඩමුළුව සංවිධානය කර තිබිණි.
සුපිළිපන්භාවය සංවර්ධනය කිරීමේ කාර්යාංශයේ ප්‍රධානී, ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ මෙනෙවිය සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කේ. ප්‍රසන්න චන්දිත් මහතා සම්පත්දායකත්වය ලබාදුන් මෙම වැඩමුළුවට රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය ව්‍යවස්ථාපිත මණ්ඩල, පළාත් අමාත්‍යාංශ සහ පළාත් දෙපාර්තමේන්තුවල අභ්‍යන්තර කටයුතු ඒකක ප්‍රධානීහු හා සුපිළිපන් නිලධාරීහු සහභාගි වූහ.
මීට අමතරව උතුරු, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත් අමාත්‍යාංශ හා පළාත් දෙපාර්තමේන්තුවල නිලධාරීන්ද මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම වැඩමුළුවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

