Sunday, November 16, 2025
Homeදේශීයරාජ්‍ය ත්‍රස්තවාදය සිහිකරමින් හමුදා නිලදාරියකු තෙල් පෝලිමේ සිටි සිවිල් පුරවැසියකුට පහරදෙයි (video)

රාජ්‍ය ත්‍රස්තවාදය සිහිකරමින් හමුදා නිලදාරියකු තෙල් පෝලිමේ සිටි සිවිල් පුරවැසියකුට පහරදෙයි (video)

රාජ්‍ය ත්‍රස්තවාදය සිහිකරමින් හමුදා නිලදාරියකු තෙල් පෝලිමේ සිටි සිවිල් පුරවැසියකුට පහරදෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය හරහා විශාල ලෙස ව්‍යාපත් වෙමින් පවතී.

ඊයේ(04) සිදුවූ මෙම අමනොත්ඥ සිදුවීමට සම්බන්ද එම වීඩියෝවේ දැක්වෙන්නේ ඉන්ධන පිරවුම්හලකදී අදාළ සිදුවීම සිදුව ඇති බවයි.

හමුදා නිල ඇඳුමින් සැරසී සිටි පුද්ගලයෙකු සිවිල් වැසියෙකුට පයින් පහර දෙන අයුරු වීඩියෝවේ දැක්වෙනවා. එමෙන්ම අදාළ හමුදා නිලධාරියා පහර දෙන අවස්තාව වන විටත් එම තරුණයාව තවත් නිලධාරීන් කිහිප දෙනෙකු විසින් අල්ලාගෙන සිටිනු ද දක්නට ලැබෙනවා.

සමාජ ජාලා මාධ්‍යයේ ප්‍රතිචාර දක්වා ඇත්තේ එය මානව හිමිකම් කඩකිරීමේ පැහැදිලි අවස්ථාවක් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් හමුදාවෙන් කිසිදු නිල නිවේදනයක් ප්‍රකාශ කර නොමැත.

සිදුවීමට අදාළ වීඩියෝ දර්ශන පහතින්,

RELATED ARTICLES

Most Popular

Recent Comments