Homeසියලුම පුවත්රුපියල අවප්‍රමාණය වීම ආර්ථික අර්බුදයක් නොවේ - නියෝජ්‍ය ඇමති

රුපියල අවප්‍රමාණය වීම ආර්ථික අර්බුදයක් නොවේ – නියෝජ්‍ය ඇමති

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම ආර්ථික අර්බුදයක ලක්ෂණයක් නොවන බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මැද පෙරදිග පවතින යුධමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට යම් බලපෑමක් එල්ල වී ඇති නමුත් එය තාවකාලික තත්ත්වයක් බවයි.
වෙළඳපොළ තුළ ඇති වූ බිය සහ සමපේක්ෂණ ක්‍රියාකාරකම් හේතුවෙන් ඩොලරයේ අගය යම් ඉහළ යාමක් පෙන්නුම් කළද, එය ක්‍රමයෙන් සමතයකට පත්වනු ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර, අමෙරිකාව විසින් රටවල් කිහිපයක සැපයුම් ජාල සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ පිළිබඳවද අදහස් දැක්වූ ඔහු, ශ්‍රී ලංකාව තුළ බලහත්කාර ශ්‍රමය වැළැක්වීම සඳහා අවශ්‍ය නීතිමය හා පරිපාලන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරමින් සිටින බව පැවසීය.
ඒ අනුව, අදාළ කරුණු සම්බන්ධ තොරතුරු අමෙරිකානු බලධාරීන් වෙත ඉදිරිපත් කර මෙම ගැටලුව සාර්ථකව විසඳා ගැනීමට හැකිවනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments