Friday, January 23, 2026
Homeදේශීයරු. ලක්ෂ 60ක හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

රු. ලක්ෂ 60ක හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 60කට අධික වටිනාකමක් ඇති හෙරොයින් මත්කුඩු තොගයක් සමග පුද්ගලයෙකු පානදුර දකුණ මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර වෑකඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කළේය.

පානදුර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර මහතාට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර, එහිදී මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා භාවිතා කළ ජංගම දුරකථන පහක් ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments