අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ රුපියල් ලක්ෂ 8ක් පමණ වටිනා පළමු ශ්‍රේණියේ දෙමළ පෙළපොත් සහ ක්‍රියාකාරකම් පොත් 19,892ක් නියමිත බෙදාහැරීමේ මධ්‍යස්ථාන වෙත භාරදී නොමැති බවට තලංගම පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.
පසුගිය මැයි 4 වැනිදා අදාළ පොත් ප්‍රවාහනය සඳහා ගිවිසුම්ගත ආයතනයකට රැගෙන යාමට අවසර ලබාදී තිබුණද, නැගෙනහිර පළාතේ බෙදාහැරීමට නියමිත මධ්‍යස්ථාන 12කට එම පොත් නියමිත පරිදි ලබාදී නොමැති බව පැමිණිල්ලේ සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

