Sunday, November 16, 2025
Homeදේශීයලියවිලිත් බොරු! බෙහෙතත් බොරු! හැදුවා කියන සමාගමත් බොරු! ‘හියුමන් ඉමියුනෝ ග්ලොබලීන්’කුප්පිවල තියෙන්නේ...

ලියවිලිත් බොරු! බෙහෙතත් බොරු! හැදුවා කියන සමාගමත් බොරු! ‘හියුමන් ඉමියුනෝ ග්ලොබලීන්’කුප්පිවල තියෙන්නේ සේලයින් වගේ දෙයක්! සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය පළමු වරට පිළිගනී! එහෙමනම් හොර බෙහෙත් ගෙනත් ඩොලර් මිලියන 100ක් (රුපියල් බිලියනයක්) පිල්ලි ගැහුවේ කව්ද? බලන් ඉමු වැරදිකාරයො එළියට එනකම්

ඩොලර් මිලියන 100ක් පමණ වැය කර ලංකාවට රැගෙන විත් ඇති ‘හියුමන් ඉමියුනෝ ග්ලොබලීන්’කුප්පිවල ඇත්තේ සේලයින් වැනි දෙයක් බවට දැනට තොරතුරු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පළමු වතාවට ප්‍රකාශ කර සිටියේය.Sri Lanka Latest News

මෙම ඖෂධය ගෙන්වීමට ඉදිරිපත් කර ඇති ලේඛන ව්‍යාජ ඒවා බවත්, එම ඖෂධය ගෙන්වා ඇතැයි කියන සමාගම එවැන්නක් නිෂ්පාදනය නොකරන බවත් මීට පෙර විපක්ෂය විසින් අනාවරණය කොට තිබිණ.

ඒ අනුව විපක්ෂය මේ පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුව මේ වනවිට ඊට අදාළ පාර්ශ්වයන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

මෙම ඖෂධ ගෙන්වීම සදහා ඩොලර් මිලියන100ක පමණ මුදලක් වැයවී ඇති බව සදහන්ය.

RELATED ARTICLES

Most Popular

Recent Comments