Friday, November 14, 2025
Homeවිදේශීයලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වන නව කොරෝනා ප්‍රභේදයක්

ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වන නව කොරෝනා ප්‍රභේදයක්

ඉතා සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත නව කොවිඩ් ප්‍රභේදයක් මේ වන විට ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයක ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේදය හා සෛල ජීව විද්‍යා අංශයේ ප්‍රධානි මහාචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කර සිටිනවා.

නව කොවිඩ් – 19 වෛරස් ප්‍රභේදය මේ වනවිට රටවල් 63කින් වාර්තා වී ඇති බවයි ඔහු සඳහන් කර සිටින්නේ.

BA5 නැමැති එම කොවිඩ් වෛරසය ඉතා ඉක්මනින් සම්ප්‍රේෂණය වන බවත් මෙය ප්‍රතිශක්තිය මග හැරිය හැකි වෛරස් ප්‍රභේදයක් ලෙස ද සැලකෙන බවයි මහාචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කර සිටින්නේ.

කෙසේ නමුත් මේ වනවිට එම නව වෛරස් ප්‍රභේදය ආසාදනය වූ අයෙකු ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමුවී නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments