Tuesday, November 18, 2025
Homeක්‍රීඩාලෝක කුසලාන ශූරයන්ට කෝටි 120 ක මුදල් ත්‍යාගයක්

ලෝක කුසලාන ශූරයන්ට කෝටි 120 ක මුදල් ත්‍යාගයක්

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සංවිධානයෙන් ඉන්දියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරයන්ට ඇමරිකානු ඩොලර් මිලියන 4 ක් හෙවත් රුපියල් කෝටි 120 කට අධිත මුදල් ත්‍යාගයක් පිරිනමන බව අද (22) නිවේදනය කළේය.එහි අනු ශූරයන්ට ඇමරිකානු ඩොලර් මිලියන 2 ක් හෙවත් රුපියල් කෝටි 60 කට අධික මුදලක් වෙන්කර ඇති බවත් මෙවර ලෝක කුසලාන තරගාවලියේ ත්‍යාග සඳහා පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 10 ක් හෙවත් රුපියල් කෝටි 300 ක් වෙන්කර ඇති බවත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව පැවසීය.අවසන් පූර්ව තරග දෙකෙන් පරාජය වන කණ්ඩායම් දෙකට ඩොලර් ලක්‍ෂ 8 බැගින් ද පිරිනමන බවත් පළමු වටයේ තරගයක ජයග්‍රහණයක් සඳහා ඩොලර් 40,000 බැගින් පිරිනමන බවත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව වැඩි දුරටත් සඳහන් කරයි.මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මස 5 වැනිදා සිට නොවැම්බර් 19 වැනිදා දක්වා පැවැත්වේ.  
RELATED ARTICLES

Most Popular

Recent Comments