Homeසියලුම පුවත්ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහළ වැටී තිබේ.

ඒ අනුව අමෙරිකානු බොරතෙල් මිල 5%කින් පහත වැටී බැරලයක් ඩොලර් 80.79ක් ලෙස සටහන් වී ඇත.

එමෙන්ම බ්‍රෙන්ට් බොරතෙල් මිලද 5%කින් පහළ ගොස් බැරලයක් ඩොලර් 83.87ක් දක්වා අඩු වී තිබේ.

සටන් අවසන් කිරීම සඳහා එකඟතාවයකට පැමිණීමට නියමිත බවත්, ඉරානයට එරෙහි ප්‍රහාර තාවකාලිකව නතර කරන බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ මෙලෙස තෙල් මිල පහළ ගොස් ඇති බව සඳහන් වේ.

පසුගිය කාලයේ අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් තෙල් මිල දැඩි ලෙස වෙනස්වීම්වලට ලක්වූ අතර අවස්ථා කිහිපයකදී බැරලයක මිල ඩොලර් 100 සීමාවද ඉක්මවා ගියේය.

තෙල් මිල ඉහළ යාම හේතුවෙන් ගැසොලින්, ගුවන් යානා ඉන්ධන සහ ඩීසල් මඟින් ප්‍රවාහනය කරන අනෙකුත් නිෂ්පාදනවල පිරිවැයටද බලපෑම් එල්ල වී තිබුණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments