වත්මන් රජය බලයට පත්වීමෙන් පසු අමෙරිකානු ඩොලර් මිලියන 1,854.77ක විදෙස් ණය ලබාගෙන ඇති බව මුදල් අමාත්‍යංශය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.
මෙම ණය මුදල් ජපානය, කොරියාව, සෞදි අරාබිය, නෙදර්ලන්තය සහ ඉන්දියාව ඇතුළු රටවලින් ලබාගෙන ඇති අතර, ජනාධිපතිවරණයට පෙර එකඟ වූ ව්‍යාපෘති 18ක් සඳහා යොදාගෙන ඇති බව සඳහන් වෙයි.
මේ අතර ශ්‍රී ලංකාවේ සමස්ත විදෙස් ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 102.02 දක්වා ඉහළ ගොස් ඇති බවද වාර්තා වෙයි.
වත්මන් රජය ලබාගත් විදෙස් ණය ඩොලර් මිලියන 1,854 ඉක්මවයි

