අද (16) අලුයම කැලණිය සහ වනවාසල අතර දුම්රියක් පීලි පැන එක් මැදිරියක් පෙරළී යාමෙන් අනතුරක් සිදුව තිබේ.
අනතුර සිදුවූ අවස්ථාවේ දුම්රියේ සිටි එක් මගියෙකු මැදිරියෙන් පිටතට විසිවී ගොස් ඇති අතර, පෙරළී ගිය මැදිරිය සහ අසල නවතා තිබූ මෝටර් රථයක් අතර සිරවීමෙන් ඔහු තුවාල ලබා ඇති බවට පොලිසිය සැක පළ කරයි.
අනතුර හේතුවෙන් පහළ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති අතර, අනෙකුත් මාර්ග දෙක ඔස්සේ සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදුවන බව වාර්තා වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.
වනවාසල දුම්රිය අනතුර ගැන තවත් තොරතුරු

