Homeසියලුම පුවත්වනවාසල දුම්රිය අනතුරෙන් 12කට තුවාල

වනවාසල දුම්රිය අනතුරෙන් 12කට තුවාල

අද (16) අලුයම වනවාසල සහ හුණුපිටිය අතර දුම්රියක් පීලි පැන මැදිරියක් පෙරළී යාමෙන් සිදුවූ අනතුරෙන් මගීන් 12 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ තුවාලකරුවන් ආසන්නයේ පිහිටි පෞද්ගලික රෝහල් වෙත ඇතුළත් කර ඇති අතර, එක් අයෙකු කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා ඇති බවයි.
මෙම දුම්රිය අද අලුයම පොල්ගහවෙල සිට දකුණු කළුතර බලා ධාවනය වෙමින් තිබූ බවද වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments