කොස්ගම තාවල්ගොඩ ප්රදේශයේ ඇල මාර්ගයක දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 16ක් සහ 17ක් වන තරුණයින් දෙදෙනෙකු බව වාර්තා වෙයි.
මෘතදේහ මේ වනවිට සාලාව ප්රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය අවිස්සාවේල්ල දිස්ත්රික් මහ රෝහල තුළ සිදු කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගම පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
කොස්ගමදී දියේ ගිලී තරුණයින් දෙදෙනෙකු මරුට

