Homeසියලුම පුවත්වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 16 ඉක්මවයි

වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 16 ඉක්මවයි

වසරේ මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 16 සීමාව ඉක්මවා තිබේ.

සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ දත්ත අනුව, ජනවාරි 1 වැනිදා සිට සැප්තැම්බර් 14 වැනිදා දක්වා කාලය තුළ සංචාරකයින් 1,609,759 දෙනෙකු මෙරටට පැමිණ ඇත.

සැප්තැම්බර් 1 වැනිදා සිට 14 වැනිදා දක්වා කාලය තුළ පමණක් සංචාරකයින් 74,637 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවද සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

වසරේ මේ දක්වා වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 408,024කි.

එක්සත් රාජධානියෙන් සංචාරකයින් 155,798ක්, චීනයෙන් 105,294ක් සහ ජර්මනියෙන් 94,007ක් මෙරටට පැමිණ තිබේ.

සැප්තැම්බර් මාසයේ මුල් දින 14 තුළද වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම කාලය තුළ ඉන්දීය සංචාරකයින් 22,541 දෙනෙකු මෙරටට පැමිණ ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments