Friday, October 4, 2024
Homeවිදේශීයවැග්නර් ප්‍රධානියාගේ මරණය රුසියාව තහවුරු කරයි

වැග්නර් ප්‍රධානියාගේ මරණය රුසියාව තහවුරු කරයි

ඉකුත් 23 වැනිදා මොස්කව් නුවර ආසන්නයේ සිදු වූ ගුවන් අනතුරින් වැග්නර් පුද්ගලික හමුදා සමාගමේ ප්‍රධානි යෙව්ගෙනි ප්‍රිගොෂින් මරණයට පත් ව ඇති බව රුසියානු බලධාරීහු තහවුරු කරති. ඊට අදාළව වෙනුවෙන් පත්කෙරුණු විමර්ශන කමිටුව 27 වැනි දා මේ බව නිවේදනය කළේය.

ගුවන් අනතුරින් මියගිය පුද්ගලයන් දස දෙනාගේ අනන්‍යතාව ගුවන් යානයේ පියාසර ප්‍රකාශනය හා සැසඳෙන බව ද කමිටුව පවසා ඇත. ගුවන් අනතුර පිළිබඳ විමර්ශනයට අදාළ ජාන පරීක්ෂණ අවසන් කළ බවත්, ඉන් මිය ගිය අයගේ අනන්‍යතාව තහවුරු කර ගත් බවත් කමිටුව ටෙලිග්‍රෑම් හි කළ සටහනක දැක්වේ.

ඉකුත් 23 වැනිදා මොස්කව් නුවර සිට ශාන්ත පීටර්ස්බර්ග් දක්වා ගමන් කරමින් තිබූ පෞද්ගලික ගුවන් යානයක් ට්වර් ප්‍රදේශයේ දී කඩා වැටී එහි සිටි පුද්ගලයන් දස දෙනාම ජීවිතක්ෂයට පත් වූ බව එරට හදිසි අවස්ථා අමාත්‍යාංශය විසින් නිවේදනය කරනු ලැබීය.

රුසියාවේ ගුවන් ප්‍රවාහනය සඳහා වන ෆෙඩරල් ඒජන්සිය නිකුත් කළ, මිය ගිය අයගේ නාම ලේඛනයට වැග්නර් පුද්ගලික හමුදා සමාගමේ නායක යෙව්ගෙනි ප්‍රිගොෂින් ද ඇතුළත් විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments