Monday, December 15, 2025
Homeදේශීයවැල්ලවායේ තෙල් පෝලිමක පිහි ඇනුමක්

වැල්ලවායේ තෙල් පෝලිමක පිහි ඇනුමක්

වැල්ලවාය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ඇති වූ ගැටුමකින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

වැල්ලවාය නගරයේ පිහිටා ඇති ඉන්ධන පිරවුම්හලේදී යම් පුද්ගලයෙක් ඊයේ (24) රාත්‍රියේ පිහි ඇනුමක් සිදුකර ඇති බවය.

පොලීමේ සිටි පුද්ගලයන් කිහිපදෙනෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් එක් පුද්ගලයෙක් තවත් සිව්දෙනෙකුට පිහියකින් පහර දී ඇත.

තුවාලකරුවන් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බරපතළ තත්ත්වයේ සිටි එක් තුවාලකරුවෙකුව මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමුකර ඇති අතර පහරදීම සිදුකළ පුද්ගලයා පළාගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලීසිය විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments