Thursday, March 12, 2026
Homeදේශීයවිදුලි බිල වැඩි කිරීම හේතුවෙන් කර්මාන්ත ශාලා 2000ක් වැහිලා – 18% නැවත...

විදුලි බිල වැඩි කිරීම හේතුවෙන් කර්මාන්ත ශාලා 2000ක් වැහිලා – 18% නැවත වැඩි කිරීමෙන් තව කීයක් වැසේද?

පසුගිය වසරේදී කර්මාන්තශාලා සහ සේවා ස්ථාන 2000කට වැඩි ප්‍රමාණයක් වැසී ගොස් ඇති අතර එයට මූලික වශයෙන් බලපා තිබෙන්නේ විදුලිය සහ ඉන්ධන මිල ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයක් බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ තොරතුරු උපුටා ගනිමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වසන්ත අතුකෝරල හෙළි කර තිබේ.

මෙසේ තිබියදී ආණ්ඩුව නැවත වටයකින් ඉන්ධන ගාස්තු වැඩි කළ අතර ඊයේ (20) සිට නැවත 18%කින් විදුලි ගාස්තු වැඩි කිරීමෙන් ආර්ථිකයේ ඇතිවෙන කම්පන තත්වය කෙබඳු වේ දැයි මේ වනවිට පුරෝකථනය කර නැත. පසුගිය වසරේදී කර්මාන්තශාලා සහ සේවා ස්ථාන වැසී යාමෙන් පන්ලක්ෂ තිස් තුන්දහස් අටසිය පස් අට දෙනෙකුට රැකියා අහිමිවී ඇති බව ඉතා නිශ්චිතව සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව හෙළි කර ඇත.

මෙම කඩාවැටීමට හේතු වී තිබෙන අනිකුත් කරුණු නම් අමුද්‍රව්‍ය මිල අධික වීම සහ ඇතැම් කර්මාන්තශාලා හිමියන් කර්මාන්තශාලා වසා දමමින් විදේශගත වීමද බල පා ඇතැයි මහාචාර්ය වසන්ත අතුකෝරල පෙන්වා දී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments