Homeසියලුම පුවත්සර්ෆ් ක්‍රීඩාවේ යෙදෙමින් සිටි විදේශිකයෙකුගේ මළ සිරුරක් වෙරළ තීරයට ගොඩගසයි

සර්ෆ් ක්‍රීඩාවේ යෙදෙමින් සිටි විදේශිකයෙකුගේ මළ සිරුරක් වෙරළ තීරයට ගොඩගසයි

වැලිගම මුහුදුතීරයේ සර්ෆ් ක්‍රීඩාවේ යෙදෙමින් සිටි විදේශිකයෙකු දියවැලකට හසුවී අතුරුදහන්ව තිබූ අතර ඔහුගේ මළ සිරුර අද (09) පෙරවරුවේදී එම වෙරළ තීරයට ගොඩගසා තිබියදී සොයාගත් බව වැලිගම පොලීසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මෙරට සංචාරය සඳහා පැමිණි 21 හැවිරිදි ටියුනීසියානු ජාතිකයෙකි.

ටියුනීසියානු ජාතික සංචාරකයන් පිරිසක් ඊයේ (08) පස්වරුවේදී වැලිගම පරණ කඩේ වෙරළ තීරයේ සර්ෆ් ක්‍රීඩාවේ යෙදෙමින් සිට තිබේ.

එම අවස්ථාවේදී මුහුදේ ඇති වූ දැඩි සුළං තත්ත්වය සමඟ එම සංචාරකයා දියවැලකට හසුවී අතුරුදහන්ව ඇත.

ඔහු සොයා පොලිස් ජීවිත ආරක්ෂක කණ්ඩායම්, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පෞද්ගලික කිමිදුම්කරුවන් උත්සාහ ගත්තද එම උත්සාහය ව්‍යාර්ථ වී තිබිණි.

කෙසේ නමුත් අතුරුදහන්ව සිටි සංචාරකයාගේ මළ සිරුර අද උදෑසන වැලිගම පරණ කඩේ වෙරළ තීරයට ගොඩගසා තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම මූලස්ථාන පොලීසිය පරීක්ෂණ පවත්වනු ලබයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments