Homeසියලුම පුවත්විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන මහජන අදහස් විමසයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන මහජන අදහස් විමසයි

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ රජයේ යෝජනාව සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය තීරණය කර තිබේ.
ඒ අනුව ලබන 4 වැනිදා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, නීතීඥ මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මහජන අදහස් විමසීම සිදුකරන බව සඳහන් වෙයි.
මෙම යෝජනාව ක්‍රියාත්මක නොකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කිරීමට ද නීතීඥ සංගමයේ විධායක කමිටුව තීරණය කර ඇත.
මේ අතර, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අධිකරණ සේවා සංගමයද ලබන 11 වැනිදා විශේෂ මහ සභා රැස්වීමක් කැඳවීමට සැලසුම් කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments