ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව හෙට (13) අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නිකුත් කරන කාලගුණ අනාවැකි සහ නිවේදන පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
මේ අතර, දිවයින වටා මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන් වේ.
එම මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හෝ විචල්‍ය දිශාවලින් හමා එන අතර, සුළඟේ වේගය පැයට කිලෝමීටර් 20ත් 30ත් අතර විය හැකිය.
කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර තද සුළං ඇති විය හැකි අතර, එමඟින් මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.
බෙංගාල බොක්කේ අඩු පීඩන තත්ත්වයක් – ධීවරයන්ට විශේෂ දැනුම්දීමක්

