ටෝ ලම් මහතා නිල සංචාරයක් සඳහා අද (07) රාත්‍රී ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.
ජනාධිපතිවරයා සමඟ දූත පිරිස 200කට ආසන්න සංඛ්‍යාවක් මෙම සංචාරයට එක්වන අතර, හෙට (08) දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමටද නියමිතයි.
මේ අතර, වියට්නාම ජනාධිපතිවරයාගේ සංචාරය හේතුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව අද සහ හෙට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය සඳහන් කළේය






