රජය විසින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7,500ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
ඒ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතා විසිනි.
ඒ අනුව මෙම පරිපූරක ඇස්තමේන්තුව පස්වරු 12.30 දක්වා අනුමැතිය සඳහා විවාදයට ගැනීමට නියමිතය.

